Header Ads

Breaking News
recent

'එක රටක් එක නීතියක්' හදන්න ඥානසාර හිමිට භාර දීලා!

'එක රටක් එක නීතියක්' සඳහා වූ ජනාධිපති කාර්‍ය සාධක බලකාය ස්ථාපනය කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවරී ඇති බලතල අනුව මෙම කාර්‍ය සාධක බලකාය ස්ථාපනය කර ඇත.

මෙම ජනාධිපති කාර්‍ය සාධක බලකාය සමාජිකයින් දහ තුන් දෙනෙකුගෙන් සමන්විත වේ.

ඒ අනුව, එහි සභාපති ධූරය සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කර ඇත.

එහි සාමාජිකයින් පහත පරිදි වේ.

1. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ

2. මහාචාර්ය දයානන්ද බණ්ඩා මැතිතුමා

3. මහාචාර්ය ශාන්තිනන්දන විජේසිංහ මැතිතුමා

4. මහාචාර්ය සුමේධ සිරිවර්ධන මැතිතුමා

5. එන්.ජී. සුජීව පණ්ඩිතරත්න මැතිතුමා

6. නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න මැතිතුමා

7. නීතිඥ සංජය මාරඹේ මැතිතුමා

8. එරන්ද නවරත්න මැතිතුමා

9. පානි වෑවල මැතිතුමා

10. මවුලවි මොහොමඩ් මැතිතුමා - ගාල්ල උලමා සභාව

11. කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ් මැතිතුමා

12. කලීල් රහුමාන් මැතිතුමා

13. අසීස් නිසාර්දීන් මැතිතුමා


No comments:

Powered by Blogger.