මහ බැංකු අධිපතිවරයාට කැබිනට් අමාත්‍යවරයෙක් හා සමාන තත්ත්වයක් ලබාදීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුව මහ බැංකු අධිපතිට රජයේ තනතුරු පිළිවෙලෙහි 5 වන ස්ථානය හිමිවෙයි.
පළමු තැන ජනාධිපතිවරයා සිටින අතර දෙවන ස්ථානයෙහි අගමැතිවරයා සිටී.
තුන්වන තැන කතානායකය.
සිව්වැනි ස්ථානය අගවිනිනිසුරුය.
පස්වැනි ස්ථානයේ විපක්ෂ නායක, කැබිනට් ඇමැතිවරු, ෆීල්ඩ් මාෂල් සහ මහබැංකු අධිපති සිටී.

No comments: