Header Ads

Breaking News
recent

නිරූපමා පිළිතුරු දීම ප්‍රතික්ශේප කරයි

ප්‍රබල ගනයේ ලෝක නායකයින්, දේශපාලනඥයින් සහ ප්‍රකෝටිපතියන්ගේ රහස්‍ය ධනය හා ගනුදෙනු පිළිබඳ, තොරතුරු අනාවරණය කළ ඉතිහාසයේ විශාලතම මූල්‍ය ලේඛන හෙළිදරව්වක් වන පැන්ඩෝරා ලේඛන (Pandora Papers) තුළින් මෙරට හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂගේ නමත් හෙළි කර ඇත. එමෙන්ම නිරූපමා රාජපක්ෂ සහ නඩේසන් සිය අරමුදල් සහ සමාගම් පිළිබඳව අසන ලද ප්‍රශ්නවලට පිළිතුරුදීම ප්‍රතික්ෂේප කර ඇති බව ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව වාර්තා කර තිබේ.

නිරූපමා රාජපක්ෂ සහ නඩේසන් එක්ව ලන්ඩන් සහ සිඩ්නිහි සුඛෝපභෝගී මහල් නිවාස මිලදී ගැනීමට සහ ආයෝජනය කිරීමට භාවිත කළ ෂෙල් සමාගමක් පාලනය කළ බව ද, හෙළිදරව් වූ ලිපිගොනුවලට අනුව විස්තරාත්මකව කරුණු වාර්තා කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් උපදේශකයෙකු සහ හෝටල් ව්‍යවසායකයෙකු ලෙස සේවය කර ඇති බවද එම වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව පැන්ඩෝරා ලේඛනවලින් රටවල් 90 කට වැඩි සංඛ්‍යාවක දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් 300 කට වැඩි සංඛ්‍යාවකගේ රහස්‍ය ධනය හා ගනුදෙනු පිළිබඳ තොරතුරු අනාවරණය කර තිබේ.


No comments:

Powered by Blogger.