මං ඉල්ලා අස්වෙනවා.. ඉහල සිට පහලටම බලපෑම් කරනවා.. අලුත් කෙනාටත් වෙන්නෙ මේකමයි - ප්‍රසන්න ගුණසේන
තමන් ඉක්මනින්ම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ධුරයෙන් ඉවත්වන බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි.
තමන් සභාපති ධුරයේ කටයුතු කරද්දී ඉහළ සිට පහළට තමාට දැඩි බලපෑම් එල්ල වූ බවද ද හෙතෙම සඳහන් කරයි.
නමුත් තමන් ධුරයෙන් ඉවත් වන්නේ එම බලපෑම නිසා නොව පෞද්ගලික සෞඛ්‍ය හේතු නිසා බවද පැවසීය.
මෙම තනතුරට ඉදිරියේ දී පත්වන පුද්ගලයාට ද තමාට හා සමානව බලපෑම් එල්ල විය හැකි බවද ඔහු තව දුරටක් කියා සිටියේය.


No comments: