Header Ads

Breaking News
recent

සුමන්තිරන්ට එරෙහි උතුරේ විරෝධතා.. ධීවරයින් මුහුදු නොයයි… වෙළඳසැල් වසා අනුරුවකට ගිනිත් තබයි

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාට එරෙහිව අද (26) යාපනයේදී ධීවරයින් විශාල පිරිසක් විසින් ධීවර කටයුතු නවාතා දමා විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

එමෙන්ම යාපනය වැල්වැටිතුරේයි සහ ගුරුනගර් ප්‍රදේශයේ වෙළඳසැල්ද වසා දමමින් කලු කොඩි ප්‍රදර්ශනය කොට ධීවර සංගම් නියෝජිතයින් හා සියලුම ධීවරයින් ධීවර කටයුතු වලින්ද ඉවත්ව ගුරුනගර් ධීවර සංවර්ධ සමිතිය ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

එහිදී විරෝධතාවයේ නිරත වූ ධීවරයින් පවසා සිටියේ පසුගියදී සුම්තිරන් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් මුලතිව් සිට පේදුරුතුඩුව දක්වා මුහුදු මගින් ඉන්දීය ධීවරයින්ට එරෙහිව සිදුකරන ලද විරෝධතාවය දේශපාලනික අරමුණු වෙනුවෙන් පමණක් සිදු කොට ඇති හෙයින් එය උතුරේ ධීවරයින් වෙනුවෙන් සිදු නොකල බවටය.

එමෙන්ම යාපනය සුමන්තිරන් මන්ත්‍රීවරයා විසින් විරෝධතාවයෙන් අනතුරුව ගුරුනගර් හා වැල්වැටිතුරෙයි ධීවරයින්ද ට්‍රෝලර් යාත්‍රා මගින් මසුන් ඇල්ලීම ඇතුලු තහනම් ක්‍රම මගින් මසුන් ඇල්ලීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතු බවට පැවසීම මගින් උතුරේ ධීවරයින්ගේ ජීවන ආර්ථිකයටද බලපෑමක් එල්ල කොට ඇති හෙයින් මන්ත්‍රීවරයා ධීවරයිනගේ සැබෑ තත්වයන් නොදැන දේශපාලනික අරමුණු වෙනුවෙන් පමණක් කටයුතු කරන බවටද විරෝධතා කරුවන් පැවසූහ.

විරෝධතාවයේ නිරත ධීවරයින් විසින් විරෝධතාවය අතරතුරදී සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ අනුරුවක් සාදා එයට පාවහන් මාලයක් දමා පහරදීමෙන් අනතුරුව ගිනිතබාද විරෝධතාවයේ නිරත වූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ


No comments:

Powered by Blogger.