Header Ads

Breaking News
recent

මේ ආණ්ඩුව පොහොර ගැන මෙලෝ දෙයක් දන්නෑ.. ලොකු මුදලක් දී නොවටිනා පොහොරක් ඉන්දියාවෙන් ගේනවා - තිස්ස විතාරණ

වත්මන් ආණ්ඩුව පොහොර ගැන මෙලෝ දෙයක් දන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කරයි.

විශාල මිලක් වියදම් කරමින් කිසිම ගුණාත්මක බවක් නැති පොහොර මිලදී ගන්නා බව ගන්නා බවද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ලංකා සමසමාජ පක්ෂ ශ්‍රවණාගාරයේදී පැවති විශේෂ සාකච්ඡාවක් අමතමිනි.

දැනට ඉන්දියාවෙන් ආනයනය කරමින් ඇති පොහොර වර්ගයට වඩා ලාභ සහ ගුණාත්මක භාවයෙන් වැඩි පොහොර ස්ලින්ටෙක් ආයතනය විසින් දියුණු කර ඇති බවද ඔහු සඳහන් කළේය.

ශ‍්‍රී ලංකාවට එම පොහොර වර්ගය සාදා විදේශයන්ට අපනයනය කල හැකි බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.


No comments:

Powered by Blogger.