Header Ads

Breaking News
recent

රාජපක්ෂ කෙනෙක් පැන්ඩෝරා ලේඛන වල!

විශාලතම මූල්‍ය ලේඛන හෙළිදරව්වකින් ලෝක නායකයින්, දේශපාලනඥයින් සහ ප්‍රකෝටිපතියන්ගේ රහස්‍ය ධනය හා ගනුදෙනු පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, පැන්ඩෝරා ලේඛන (Pandora Papers) ලෙස නම් කර ඇති මෙම ලිපි ගොනුවල වත්මන් සහ හිටපු නායකයින් 35 දෙනෙකුගේ සහ රාජ්‍ය නිලධාරීන් 300 කට වැඩි සංඛ්‍යාවක් ඇතුළත් බවයි.

අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ දේපළ පවුම් මිලියන 70 ක් රහසිගතව එකතු කර ගත් ජෝර්දානයේ රජු පිළිබඳව ද පැන්ඩෝරා ලේඛන මගින් තොරතුරු හෙළි කර ඇත.

මේ අතර හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් සහ ඔහුගේ බිරිඳ ලන්ඩන්හි කාර්යාලයක් මිලදී ගැනීමේදී මුද්දර ගාස්තු වශයෙන් පවුම් 312,000 ක් ඉතිරි කළ ආකාරය පිළිබඳව ද මෙම ලේඛන මගින් පෙන්වා දී ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පැන්ඩෝරා ලේඛන මගින් ශ්‍රී ලංකාවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් මෙන්ම රාජපක්ෂ පවුලේ සාමාජිකාවක්ද වන නිරූපමා රාජපක්ෂ හා ඇගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් ගේ නම් ද සඳහන් කර තිබේ.

පැන්ඩෝරා ලේඛන මගින් ඔවුන් පිළිබඳව සඳහන් කර ඇත්තේ මෙසේය :
-srilankamirror


No comments:

Powered by Blogger.