Header Ads

Breaking News
recent

රෝහිතගේ පූසා නැති වෙලා; හොයල දුන්නොත් තෑගි දෙනවා

හිටපු ජනපති හා වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ මහතාගේ (චිචී) ගේ සුරතල් පූසා අතුරුදහන් වී තිබේ. බැද්දගානේ ඒ මහතාගේ නිවසේ සිටි ඉහළ වටිනාකමකින් යුතු මෙම පුසා සොයා දෙන අයෙකුට විශේෂ තෑග්ගක් පිරිනැමීමටද රාජපක්ෂ පවුල තීරණය කර ඇත.

ඔහු සිය ෆේස්බුක් පිටුවේ හා ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සටහනක් යොදවා මේ බව හෙළිකර තිබේ.

කෙසේවුවද, මව්රට වාර්තා කර ඇත්තේ මෙසේ නැතිවී ඇති පූසා අයත් වන්නේ Turkish Angora වර්ගයට බවයි.
 
Turkish Angora යනු එකල මධ්‍යම ඇනටෝලියාවේ (වර්තමානයේ තුර්කිය, අන්කාරා කලාපය) ආරම්භ වූ පෞරාණික, ස්වාභාවික බළලුන් විශේෂයක් බවය.
 
17 වන සියවස තරම් ඈතකදීත් මෙම වර්ගය අභිජනනය කළ ලේඛන ඇති බවත්, මෙම අභිජනන බළලුන් Angora හෝ Ankara බළලුන් ලෙසද හැඳින්වෙන බව එහි දැක්වේ.
 
බ්‍රිතාන්‍ය හා ඇමරිකානු බළලුන් ඇති කරන්නන් විසින් පර්සියානු බළලා Turkish Angora විකෘති වලින් වර්ධනය කරන ලද බවද පැවසේ.
 
Turkish Angora බළලාගේ මිල සාමාන්‍යයෙන් ඩොලර් 900-1500 අතර වෙන බවත්, එහෙත් උසස් පෙළපත, සම්මත ශරීර අනුපාතය, ලස්සන වර්ග සහ ප්‍රසිද්ධ අභිජනන ගොවිපලවල් වලින් එන Turkish Angora පූස් පැටවුන්ට ඩොලර් 1800 සිට ඩොලර් 3000 දක්වා ඉහළ මිල ගණන් වලට අලෙවි වන බවද එහි දක්වා තිබේ.

මෙම පෝස්ට් එක සදහා මුහුණු පොතේ ජනතාව ප්‍රතිචාර දක්වා තිබු අයුරු පහතින් 






No comments:

Powered by Blogger.