Header Ads

Breaking News
recent

ජනපති කුළුබඩු මණ්ඩලේ වැඩ විපරම් කරයි

කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ මාදිවෙල ශාඛාවේ කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිරීක්ෂණය කළේය. මෙම කුළුබඩු අලෙවි මණ්ඩලය ජනාධිපතිවරයා විසින් පසුගිය අගෝස්තු මාසයේදී ක්‍රියාකාරී තත්වයට පත් කරනු ලැබීය.

එම මණ්ඩලය මෙසේ ක්‍රියාකාරී තත්වයට පත් කෙරුණේ “ගම සමග පිළිසඳර” වැඩසටහන සඳහා මීමුරේ ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී ප්‍රදේශවාසීන් ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමක් අනුවය.

දුෂ්කර ප්‍රදේශවල ගොවීන්ගේ නිෂ්පාදන අලෙවිය හා ප්‍රවර්ධනයට විසඳුමක් ලෙස මෙම මණ්ඩලය මෙසේ ස්ථාපනය කෙරිණ.

මෙම ආයතනය 1972 වර්ෂයේදී ස්ථාපිත කරන ලද නමුත් ජනාධිපතිවරයාගේ අවධානයට ලක්වන තෙක් පැවතියේ ලේඛනයකට පමණක් සීමා වූ නිද්‍රාශීලී ආයතනයක් වශයෙනැයි ජනාධිපති කාර්යාලය පවසයි.

ගොවියාට උපරිම මිලක් පාරිභෝගිකයාට සහනයක් මෙන්ම ගුණාත්මක කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා විදේශ වෙළෙඳපොළ අවකාශය සලසා දීම, වෙළෙඳපොළ පර්යේෂණ, සම්බන්ධීකරණය, නියාමනය, පෝෂණ සහ ඖෂධීය ගුණය පවත්වා ගැනීම ඇතුළු අරමුණු රැසකට විධිමත් පිළියම් ලබාදීම රජය මෙම ආයතනය පිහිටුවීමේ අරමුණයි.

(ලංකාදීප)

No comments:

Powered by Blogger.