Header Ads

Breaking News
recent

ගුරුවරුන්ගේ පඩිපතින් කෝටියක් කොල්ල කෑ හොරෙක් මාට්ටු

හඟුරන්කෙත කළාප අධ්‍යාපන කාර්යාලයේ ගිණුම් අංශයට අනුයුක්තව සේවය කළ නිලධාරියෙක් විසින් සිදුකර තිබූ රුපියල් කෝටියකට ආසන්න මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

දල වශයෙන් ලක්ෂ 97කට අධික බව කියන අදාළ වංචාව 2012 වසරේ සිට ඉතාම සූක්ෂම ලෙස සිදුකර තිබෙන බව දැනට සිදුකර තිබෙන පරීක්ෂණ මගින් හෙළිවී ඇති බව වාර්තා වේ.

දැනට සේවයේ නියුක්ක සහ විශ්‍රාමික ගුරුවරුන්ගේ වැටුප් ගෙවීමේදී වෙනත් පුද්ගලයින්ගේ නම් උපයෝගි කරගෙන සකස් කළ බැංකු ගිණුම් වලට මුදල් බැර කරමින් මෙම වංචාව සිදුකර තිබෙන බව විගණන පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.

මෙම නිලධාරියාට 2016 වසරේදී වලපනේ ප්‍රාදේශීය සභාවට ස්ථාන මරුවක් ලබාදී ඇති නමුත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් සතියකට දින දෙකක් හඟුරන්කෙත කළාප අධ්‍යාපන කාර්යාලයේ වැටුප් සකස් කිරීම සඳහා ඔහුට අනුයුක්තයක් ලබාදී තිබේ.

No comments:

Powered by Blogger.