Header Ads

Breaking News
recent

ජනපති අසරණයි ! - බැසිල් එනතෙක් පී.බී. මිසින් !!

සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදුන් ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර ඉන් අනතුරුව මෙතෙක් ජනාධිපති කාර්යාලයට පැමිණ නොමැති අතර ඔහු මේදිනවල කුරුණෑගල ප්‍රදේශයේ සිය නිවෙසට වී හුදෙකලාවේ සිටිනබව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

තමා එනතෙක් කුරුණෑගලට වී සිටින්නැයි ආචාර්ය පී. බී. ජයසුන්දර ට දැනුම් දී ඇත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ බව එම ආරංචි මාර්ග තව දුරටත් පවසයි.

මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග වලට අනුව විදේශගතව සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වහාම යලි දිවයිනට පැමිණීමට තීන්දු කර තිබේ. ඒ,   පී.බී. ජයසුන්දර සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයින් අතර මතුව ඇති ආරවුල සමතකයකට පත්කර ගැනීම සඳහාය. පී. බී. ජයසුන්දර මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත්කර ගැනීම මුදල් අමාත්‍යවරයා ගේ අපේක්ෂාව වී ඇතැයි ද පැවසේ.

පවුලට කොටුවූ ජනාධිපති !

මේ අතර ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ, ආචාර්ය පී. බී. ජයසුන්දර ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වී ඇති ජනාධිපති ලේකම් ධුරයට තමා කැමති අයකු පත්කර ගැනීමට පවා නොහැකි තත්ත්වයට තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් සහිත විධායක ජනාධිපතිවරයා මේවනවිට අසරණව සිටින බවයි.

ජනාධිපති ලේකම් ධුරයට වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක පත්කර ගැනීමට ජනාධිපතිවරයා බලාපොරොත්තුව සිටියද එකී පුරප්පාඩුවට ගාමිණී සෙනරත් පත්කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ දිගින් දිගටම බලපෑම් කර තිබේ.

ඉහත ආරංචිමාර්ග සඳහන් කරන පරිදි ජනාධිපතිවරයා පසුගියදා වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක ට කතාකර ඔහුව ජනාධිපති ලේකම් කිරීමට තමා ගේ කැමැත්තක් ඇති බවත්, එහෙයින් චමල් රාජපක්ෂ අමාත්‍යවරයා හමුවී ඒ සඳහා කැමැත්ත ලබාගන්නා ලෙසත් උපදෙස් දී ඇතැයි පැවසේ.

ඒ අනුව, අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක පසුගියදා අමාත්‍ය චමල් රාජපක්ෂ හමුවී ජනාධිපතිවරයාගේ අදහස දැනුම්දුන් අවස්ථාවේදී..'' ඔව් ඔව් දැන් මගෙන් කෙලින්ම අහන්න බයයි.. පී. බී. නැතුව ඕන කෙනෙක් මට ප්‍රශ්නයක් නැහැ.. '' යයි චමල් අමාත්‍යවරයා එහිදී පැවසු බවද සැලවේ.

කෙසේවුවද ගාමිණි සෙනරත් ම පත්කළ යුතු බවට අගමැතිවරයා දැඩි ස්ථාවරයක සිටීම නිසා ජනාධිපතිවරයාට සිය අදහස හකුලා ගැනීමට සිදුව ඇති අතර අනුර කුමාර දිසානායකට අගමැති ලේකම් ධුරයෙන් සැහීමකට පත්වීමට සිදුව තිබේ.

මේ අතර අගමැති කාර්යාල ආරංචි මාර්ග වලින් වාර්තා වන්නේ, ගාමිණී සෙනරත් ගේ පවුලේ සාමාජිකයින් ඔහුගේ අලුත් පත්වීමට එතරම් මනාපයක් නොමැති බවයි. පහුගිය ආණ්ඩු සමයේදී ගාමිණී සෙනරත්ට හා ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අනේකවිද හිරිහැර කරදර වලට මුහුණදීමට සිදුවිය. 
-theleader

No comments:

Powered by Blogger.