Header Ads

Breaking News
recent

සකුරායි ගුවන් යානයේ එංජිම හිරවුණේ කලවම් තෙල් නිසාද?

සකුරායි ඒවියේෂන් ලමටඩ් (Sakurai Aviation Limited) හට අයත් Cessna 172 වර්ගයේ සැහැල්ලු ගුවන් යානය හදිස්සියේම ගොඩබැස්සවීමට හේතුවූ එම යානයේ එංජිමේ දෝෂය කවලම් තෙල් නිසා ඇතිවූවක් බවට ගුවන්යානා ක්ෂේත්‍රයේ කතා බහක් ඇතිව තිබේ.

මෙම යානාවලට යොදනු ලබන්නේ අඩු ඊයම් සහිත (Low-lead) ඉන්ධන බවත්, මෙරට බොහෝ ගුවන් සමාගම් මෙම ඉන්ධන සකස් කර ගැනීමේදී කවලම් කිරීම් සිදුකරනු ලබන බවත් වාර්තා වේ.

සාමාන්‍යයෙන් මෙසේ ගුවන් යානයක කාර්මික දෝෂ ඇතිවීමට වැඩි වශයෙන් බලපාන්නේ ඉන්ධන ෆිල්ටරයේ දෝෂ, වායු ෆිල්ටරයේ දෝෂ හා දෝෂ වැළැක්වීමේ නඩත්තුව (Preventive maintenance) නිසි අයුරින් නොකිරීම බව එම ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් පවසති.

අනතුරට පත් යානය 4අඒජ්-172 ලෙස ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචි කරන ලද්දකි.

මෙම ගුවන් යානය සීගිරියේ සිට කොග්ගල දක්වා අභ්‍යන්තර ගුවන් ගමනක යෙදී සිටියදී යානයේ එන්ජිම තුළ හට ගත් කාර්මික ‍දෝෂයක් නිසා කටුනායක ගුවන්තොටුපොළ වෙත හදිසි ගොඩබෑමකට එම ගුවන්යානයේ නියමුවන් විසින් අවසර ඉල්ලා තිබේ.

ඒ අනුව මෙම ගුවන්යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමට පැමිණෙමින් තිබියදී ගුවන්තොටුපොළ පෙනි පෙනී කිඹුලපිටිය 06 කණුව ප්‍රදේශයට හදිසියේ ගොඩබස්වා තිබිණි.

මෙම ගොඩබැස්වීමේදී ගුවන්යානයට බරපතළ අලාභහානි සිදුව ඇති අතර වෙල්යායේ මඳ දුරක් ඇදීගොස් තිබූ ගුවන්යානය පාරක් හා විදුලි කණුවක් අතර හිර වී නතර වී තිබිණි

අනතුර සිදුවන අවස්ථාවේ ගුවන්යානයේ ලෙබනන් ජාතික යුවළක් හා ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු ගමන් කර සිට ඇත.

ලෙබනන් ජාතික යුවළ තම විවාහයෙන් පසු මධුසමය ගත කිරීම සඳහා මෙහි පැමිණ ඇති බව පැවසේ.

වසීම් මෞක්කාල් (40) සහ මාරියා මෞෂල්‍ය (29) එම යුවලයි.

මෙහිදී තුවාල ලත් ගුවන් නියමු බණ්ඩාරවෙල පදිංචි ඩී. රුවන්පතිරණ (31) සහ තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි සමාෂා අබේනායක (27) යන අය සිද්ධියෙන් පසුව මීගමුව රෝහලට ඇතුළත් කර තිබිණි.

-srilankamirror

No comments:

Powered by Blogger.