දැන් සියලු නඩු නිදොස් කොට නිදහස්! දැන් IMF ගියත් දැඩි කොන්දේසි දාන්නේ ඒකයි! අපේ තත්ත්වය නරකයි; උදව්වට කවුරුත් එන්නෙ නෑ - මෛත්‍රී
ආණ්ඩුව ආර්ථික, දේශපාලනික, ජාත්‍යන්තර ආදි සියලු ගැටලු අවුල්කරගෙන ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. හිටපු ජනාධිපතිරයා මේ බව පැවසුවේ අද (26) පස්වරුවේ පිටකෝට්ටේ පැවති වැඩසටහනකදීය.
“මේ ජීවත් වන මිනිසුන්ගේ ජීවිතය ගොඩනගන්නේ කෙසේද කියන ප්‍රශ්නයක් අද මතුවෙලා තියෙනවා. අද දේශපාලනය, ආර්ථිකය, සමාජ අර්බුද, ජාත්‍යන්තරය අපි සියල්ලම අවුල් කරගෙන තිබෙනවා. බොහෝ දෙනෙක් ආණ්ඩුවට කියනවා ඇයි IMF යන්නේ නැත්තේ කියලා. මේ ආර්ථික අර්බුදය විසඳාගන්න යම්කිසි සහනයක් එතනින් හම්බවෙයි කියලා. ආණ්ඩුවේ බලවතුන් කියනවා නෑ අපි IMF යන්නේම නැහැ කියලා කියනවා. සමහර විට මතක ඇති මගේ අවුරුදු 5ට මාස එකහමාරකට අඩු මුළු කාලයම මම වැඩකළේ IMF එක සමග, IMF එක මට බරපතළ කොන්දේසි දැම්මේ නැහැ. ඒ වගේම දාපු සමහර කොන්දේසි ටිකක් තද ඒවාට මම කිව්වා මෙවාට නම් කොහෙත්ම අත තියන්න පුළුවන් දේවල් නොවේ කියලා මම කිව්වා. ඒ වෙලාවේ ඒ අය පිළිගත්තා.”
No comments: