Header Ads

Breaking News
recent

නමක් ගමක් දන්නෑ - හැබැයි තිරුපති ගමනට ජෙට් යානය දුන්නේ තාත්තගෙ යාලුවෙක් - අගමැතිපුත් යෝෂිත රාජපක්ෂ කියයි | The Morning | Yoshitha Rajapaksa

නමක් ගමක් දන්නෑ - හැබැයි තිරුපති ගමනට ජෙට් යානය දුන්නේ තාත්තගෙ යාලුවෙක් 
අගමැතිපුත් යෝෂිත රාජපක්ෂ කියයි

තිරුපති වන්දනාව සදහා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස පියාසර කළ පෞද්ගලික ජෙට් යානය ඔහුට ලබා දී තිබෙන්නේ අග‍්‍රාමාත්‍යවරයාගේ මිත‍්‍රයෙක් බව අග‍්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප‍්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා පවසයි.

දෙසැම්බර් 23 වැනි දින තිරුපති ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී නිල් පැහැති Embraer Legacy 600 ව්‍යාපාරික ජෙට් යානයකින් බැස යන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූප සමාජ මාධ්‍ය සහ ප්‍රවෘත්ති වෙබ් අඩවි කිහිපයක ආන්දෝලනාත්මක ලෙස සංසරණය වීමෙන් පසුව, අග්‍රාමාත්‍යවරයාට ඔහුගේ ප්‍රයෝජනය සඳහා එම ජෙට් යානය එහි හිමිකරු විසින් කිසිඳු අයකිරීමකින් තොරව ලබාදී ඇති බව ද මෝනින් පුවත්පත වාර්තා කරනවා.
අග්‍රාමාත්‍ය මාණ්ඩලික ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා The Morning වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ අග්‍රාමාත්‍යවරයාගේ වන්දනා චාරිකාවක් ද ඇතුළත් පෞද්ගලික දෙදින සංචාරයක් වෙනුවෙන් මෙම ජෙට් යානය සුහදතාවය මත ලබාදී ඇති බවයි.

“අග්‍රාමාත්‍යවරයාගේ යාළුවෙක් ඔහුගේ තිරුපති ගමනට ඒ ගුවන් යානය එයාට නොමිලේ දුන්නා. ඔහු නම හෙළි කිරීමට අකමැති ඉන්දීය ව්‍යාපාරිකයෙකි.

ඔහු අග්‍රාමාත්‍යවරයාගේ මිත්‍රයෙක් වගේම ඒක සුහදතාවයේ ඉඟියක්” යැයි ඔහු පුවත්පත වෙත පවසා තිබෙනවා.

අන්තර්ජාලයේ ඇති තොරතුරු වලට අනුව, අදාල ජෙට් යානයේ සාමාන්‍ය පැයක කුලී ගාස්තුව පැයකට ඇමරිකානු ඩොලර් 6,700ක් පමණ වේ.

No comments:

Powered by Blogger.