පාර්ලිමේන්තුවේ කෑම හොරු අල්ලන්න විශේෂ වැඩපිළිවෙළක්!
පාර්ලිමේන්තුවේ නිරන්තරයෙන්ම සිදු වන බව කියන කෑම සොරකම් නවතාලීම සදහා එහි සේවකයන්ගේ ගමන්මලු හිටිහැටියේ පරික්ෂා කිරීමේ වැඩපිළිවෙළක් අලුතින් ආරම්භ කර ඇති බව පැවසේ.
මේ අනුව සේවකයන් විශේෂයෙන්ම පාර්ලිමේන්තු පරිශ්රයෙන් පිටතට යන අවස්ථාවන්හිදී වැඩි වශයෙන් පරීක්ෂාවන්ට භාජන කෙරෙනු ඇත.
පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන්ට සහ නිලධාරීන්ට ගෙන එන ආහාරවලින් රුපියල් කෝටි දෙකකට ආසන්න ආහාර ප්රමාණයක් නාස්තිය සහ දූෂණය නිසා අහිමි වන බව විගණන විමර්ශනවලදී පසුගියදා තොරතුරු හෙළි විය.
No comments: