Header Ads

Breaking News
recent

ලාන්සාට ප්‍රහාරයක් එල්ල කරන්න සිටි ආණ්ඩුවේම පිරිසගේ බලාපොරොත්තු සුන්!

ඉකුත් සතියේ පාර්ලිමේන්තු පැවති මුල් දිනයේදී (22) නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් කරනු ඇති බවට රාවයක් ගියා.

එහෙත් ඔහු එදින විශේෂ ප්‍රකාශයක් කළේ නැහැ.

විශේෂ ප්‍රකාශය

එසේ වුවද ඊට පසු දින (23) නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුව අමතා කතා කළ මුත් විශේෂ ප්‍රකාශයක් කරන්නට ගියේ නැහැ.

ඔහු ඒ වෙනුවට යම් යම් කරුණු කිහිපයක් කියා තමන්ට දුරකථනයෙන් තර්ජනය කළ සනත් නිශාන්ත පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයාට යාන්තමට ප්‍රති ප්‍රහාරයක් එල්ල කළා.

එහෙත් දැනගන්නට තිබෙන තොරතුරු වලට අනුව යම් හෙයකින් නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළේ නම් ඊට පිළිතුරු දීමට ආණ්ඩුවේ පිරිසක් සූදානම්ව සිට තිබෙනවා.

සූදානම් වූ පිරිස

ඒ සඳහා නාමල් රාජපක්ෂ ඇමතිවරයා මෙන්ම ශෙහාන් සේමසිංහ, ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරුන් සහ සුමිත් උඩුකුඹුර යන මන්ත්‍රීවරු සූදානම්ව සිටි බවයි ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එහෙත් ඔවුන්ගේ අපේක්ෂාව ඉටු කර ගැනීමට ලැබුනේ නැහැ.

ඒ ඔවුන් බලාපොරොත්තු වූ ආකාරයට ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රතිචාර නොදැක්වීම නිසා.

ආණ්ඩු පක්ෂ රැස්වීම

සාමාන්‍යයෙන් සති 2 කට වරක් පාර්ලිමේන්තුව පැවැත්වෙන මුල් දිනයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වෙනවා.

ඒ අනුව ඉකුත් 22 දිනද ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වුණා.

ඊටද ලංසා රාජ්‍ය අමාත්‍යවරයා සහභාගි වූ බවයි වාර්තා වන්නේ.

එහෙත් ඉතා සුළු වේලාවක් එහි රැඳී සිටි ඔහු එතැනින් නික්ම ගිය බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.


No comments:

Powered by Blogger.