Header Ads

Breaking News
recent

යුද්ධය නවත්වපන්! පුටින්ට එරෙහිව දහස් ගණන් රුසියානුවෝ පාරට බහී!

යුක්‍රේනයේ පහරදීම් සහ ආක්‍රමණ නවතන්නැයි බලකරමින් රුසියානු ජනතාව වීදි පුරා පා ගමන් සහ උද්ඝෝෂණ වල නිරත වෙති.

මොස්කව් සහ ශාන්ත පීටස්බර්ග් නගරවල පැවැත්වෙන මෙම යුද විරෝධී පෙළපාලි සඳහා එරට ජනප්‍රිය චරිත රැසක්ම එක්ව සිටිති.

ඔවුන් අතර නළු නිළියන් , ක්‍රීඩකයින් ඇතුලු විශාල පිරිසක් සිටින බවද වාර්තාවේ.

කෙසේ වෙතත් රුසියානු පාලනය එරට ආරක්ෂක අංශ වලට උපදෙස් දී ඇත්තේ මෙම පෙලපාලි විසුරුවා හරින ලෙස්‍යි.

ඒ අනුව එම පෙලපාලි වල නිරත වූ දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් පොලිස් භාරයට ගෙන තිබේ.


No comments:

Powered by Blogger.