Header Ads

Breaking News
recent

EXCLUSIVE : නිමලරාජන් ඝාතකයා අවුරුදු 23කට පසු ලන්ඩනයේ දුම්රිය පොළකදී කොටු කරගනී!

මීට විසි දෙවසරකට ඉහතදී උතුරේ අධි ආරක්ෂක කලාපයක් තුළදී ඝාතනය කරන ලද දෙමළ මාධ්‍යවේදී මයිල්වාගනම් නිර්මලරාජන් මහතාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු බ්‍රිතාන්‍යයේ දුම්රිය පොළකදී සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා නැපෝලියන් නමැත්තකු ලෙස බ්‍රිතාන්‍ය පොලිසිය හදුනාගෙන ඇත.

මෙම සැකකරු ඊපීඩීපී සාමාජිකයකු ලෙස එවකදී හදුනාගෙන තිබුණු අතර එම පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්ද මහතාට සමීප අයකු ලෙසද මාධ්‍ය වාර්තා කොට තිබිණ

2003 වසරේදී යාපනය මහේස්ත්‍රාත් ආර්. ටී. විග්නරාජා මහතා විසින් මයිල්වාගනම් නිර්මලරාජන් මහතා ඝාතනය සම්බන්ධයෙන් නැපෝලියන් නැමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝගයක්ද නිකුත් කර තිබිණ.

කෙසේවෙතත් 2003 වර්ෂයෙන් පසු හිටපු ජනාධිපතිවරිය විදෙස්ගත වන අවස්ථාවකදී එම දූත පිරිසට සම්බන්ධව සිටි ඩග්ලස් දේවානන්ද මහතා විසින් ඉතා රහසිගත ලෙස මෙම නැපෝලියන් නැමැති පුද්ගලයාවද එක්සත් රාජධානිය වෙත රැගෙන ගොස් ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.

ශ්‍රී ලංකා භුමියේ යුද අපරාධයක් සම්බන්ධයෙන් විදේශීය පොලිසියක් විසින් කරන ලද මුල්ම අත් අඩංගුවට ගැනීම ලෙස මෙය සැලකේ.

මේ සම්බන්ධයෙන් විස්තර ලබා දීමට කැමති අයට එම තොරතුරු SO15Mailbox.WarCrimesTeam@met.police.uk ඊමේල් ලිපිනයට සෘජුවම යුද අපරාධ අංශයට යැවිය හැකිය.

උපුටා ගැනීම : mawratanews


No comments:

Powered by Blogger.