"එදා මට තිබුණු ගෞරවය සහ මුදල් අද දේශපාලනඥයෙකු ලෙස මට අහිමි වෙලා" - සිසිර ජයකොඩි
වෙන කවරදාටත් වඩා අද වන විට දේශපාලඥයා සමාජයේ ගැරහුම් ලබන තත්ත්වයට පත්ව ඇති බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි පවසනවා.
රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ නවක හා පාරම්පරික දේශීය වෛද්‍යවරුන් 175 දෙනෙකුට ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි සහතිකපත්‍ර පිරිනැමීමේ උත්සවයට එක්වෙමින්.
මෙම උත්සවය නාවින්න ආයුර්වේද ඖෂධ සංස්ථා ශ්‍රවනාගාරයේ දී ඊයේ පැවැත්වුණා.
එහිදී ඔහු සදහන් කලේ
"උපකාරක පන්ති ගුරුවරයකු ලෙස එදා මට තිබුණු ගෞරවය සහ මුදල් අද දේශපාලනඥයෙකු ලෙස මට අහිමි වෙලා තියෙනවා."
"එදා මගෙන් ඉගෙන ගත්ත ශිෂ්‍යයෝ මට වැන්දා අද මේ ශිෂ්‍යයෝ ම ඇතැම් වෙලාවට මගෙන් අහනවා සර් මොකක්ද මේ කරගත්තේ කියලා."
"මට එදා යහමින් මිල මුදල් තිබුණා."
"නමුත් අද දේශපාලනයට ඇවිල්ලා මං ඒ දේවල් නැති කරගෙන තියෙනවා."
මෙහිදී සාමාන්‍ය සර්වාංග වෛද්‍යවරුන් 46 දෙනකුට ලියාපදිංචි සහතික පත්‍ර පිරිනැමුණු අතර අක්ෂි රෝග, කැඩුම් බිඳුම්, චර්ම රෝග, සර්ප විෂ, මානසික රෝග, ගෙඩි වණ, සහ දැවුම් පිළිස්සුම් ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරුන් 129ක් සඳහා ද ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි සහතිකය පිරිනැමුණා.
No comments: