Header Ads

Breaking News
recent

ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලට යන්න කලවංචිකුඩි උසාවිය රාසමාණික්කම්ට තහනම් කරයි!

කලුවංචිකුඩි පොලිසිය ලබා ගත් අධිකරණ නියෝගයක් මගින් දෙමළ ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් හට රජයට එරෙහිව පෙළපාලි යාම වළක්වා ඇති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසීය.

“කළුවංචිකුඩි පොලිසිය ලබා ගත් අධිකරණ නියෝගයකින් රාසමණික්කම් මන්ත්‍රීවරයා රජයට එරෙහිව පෙළපාලි යාම වැළැක්වී තිබෙනවා. උතුරු නැගෙනහිර නීතිය ක්‍රියාත්මක කිරීම රටේ සෙසු ප්‍රදේශවලට වඩා වෙනස් බව යළිත් පෙන්නුම් කරනවා.,” යනුවෙන් සුමන්තිරන් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණ.

අප්‍රේල් 29 වැනිදා සිට දින 14ක කාලයක් කිසිදු ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් සඳහා සහභාගි නොවන ලෙස කලුවංචිකුඩි මහේස්ත්‍රාත් අධිකරණය පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමණික්කම් මහතාට නියෝග කර ඇති බව වාර්තා විය.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් කියා සිටියේ තමාට එවැනි අධිකරණ නියෝගයක් නිකුත් කළේ ඇයිද යන්න පිළිබඳව තමා නොදන්නා බවයි.

No comments:

Powered by Blogger.