Header Ads

Breaking News
recent

ආණ්ඩු හදන වැඩේ නිමල්, අනුර, විමල්, උදය හා ටිරාන් බාර අරගෙන

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සැකසීම සඳහා වූ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාම සඳහා පක්ෂ 11 නියෝජනය කරමින් 5 දෙනෙක් නම් කර තිබේ. ඒ, සෙසු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා පැවැත්වීම සඳහාය.

ඒ අනුව ස්වාධීන මන්ත්‍රීවරුන් අතරින් 5දෙනෙකු එලෙස නම් කර තිබේ.

නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ ටිරාන් අලස් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එලෙස නම්කර ඇත

මේ අතර, ඉදිරියේදී පිහිටුවනු ලබන නව අන්තර්වාර සර්වපාක්ෂික ආණ්ඩුවේ අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය තෝරාපත්කර ගනු ලබන්නේ සියලු පක්‍ෂවල නායකයන්ගෙන් සැදුම්ලත් ජාතික සභාවක් මගින් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

එසේම කැබිනට් ඇමැති මණ්ඩලය ද 15ත් 20ත් අතර සංඛ්‍යාවකට සීමා වනු ඇතැයි ද ඔහු සඳහන් කරයි.

අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්‍ෂ 11 ක නායකයෝ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පරේදා (29) හමු වූහ.

එහිදී පක්‍ෂ 11 විසින් යෝජනා කළ නව අගමැතිවරයකු, නව කැබිනට් මණ්ඩලයක් සහිත අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා එකඟ වූ බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය.

No comments:

Powered by Blogger.