Header Ads

Breaking News
recent

තවත් අඩව්වක් අල්ලන සූදානමක්ද? ‌පොලිසියේ 1000ක් හදිසියේම කොළඹට ගෙන්වයි!

විශේෂ රාජකාරි සඳහා පිට පළාත්වල සිට දහසකට අධික පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් අද (16) කොළඹට කැඳවා ඇති බව වාර්තා වෙනවා.

මේ පිළිබඳව විමසීමේදී පොලිස් මුලස්ථාන ප්‍රකාශ කළේ ඒ පිළිබඳව කිසිවක් කිව නොහැකි බවයි.

මෙම පොලිස් නිලධාරීන් හෙට (17) සිට ඊළඟ 20 දින දක්වා විශේෂ රාජකාරි සඳහා යෙදවීමට පියවර ගෙන ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසා තිබෙනවා.

උතුර, ඌව, දකුණ, සබරගමුව යන පළාත් වලින් සහ පොලිස් විද්‍යාලයෙන් එම නිලධාරීන් කොළඹට කැඳවා ඇතැයි වාර්තා වෙනවා.

මෙම සියලු නිලධාරීන් ජාතික හා පොලිස් හැඳුනුම්පත, සාක්කු සටහන් පොත, වැහි කබා, ආරක්ෂිත හිස් වැසුම් , නිළ මුගුර රැගෙන පැමිණ යුතු බව දන්වා ඇතැයි කියනවා.

මෙම පිරිස අද (16) පස්වරුවේ කොළඹ දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ඇති මිරිහාන පොලිස් ක්‍රීඩාංගණයට වාර්තා කළ යුතු බව පවසා ඇති බව මාධ්‍ය වාර්තා කරන්නේ පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින්.

- mawratanews


No comments:

Powered by Blogger.