Header Ads

Breaking News
recent

නිදොස් කොට නිදහස් කර ඇමති ධුරයකින් පිදුම් ලද පිල්ලෙයාන් රටින් පනී!

මෑතකදී අමාත්‍යධූරයක් හිමි වූ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්  මැලේසියාවට පලා ගොස් ඇති බව වාර්තා වේ. ඔහු යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිය රටින් පිටවී ගිය පසුගිය 08 වැනිදා ඔවුන් සමගම සිංප්පූරු ගුවන් සේවයේ යානයකින් සිංගප්පූරුවට ගොස්  එතැනින් මැලේසියාවට ගිය බව වාර්තා වේ. ඒ අතර තවත් තොරතුරක් පවසන්නේ පිල්ලෙයාන් කුලී බෝට්ටුවකින් මැලේසියාවට පලා ගිය බවය. 

ඔහු එතැනින් යුරෝපා රටකට යාමට බලාපොරොත්තු වන බවත් ඒ සදහා ඔහු යුරෝපීය රටවල් තුනක සිටින පිරිස්වලට අවශ්‍ය පහසුකම් සපයා දෙන මෙන් ඉල්ලීම් කොට ඇති බවත් දෙමළ දේශපාලන පක්ෂ සදහන් කරයි.

චෝදනාවන් රැසකට වරදකරු වී බන්ධනාගාර ගතව සිටි ඔහු මෑතකදී සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් විය. පසුව ඔහුට අමාත්‍යධුරයක්ද පිරිනැමුණි.

- දිනසේන රතුගමගේ


No comments:

Powered by Blogger.