Header Ads

Breaking News
recent

මේ අවුරුද්දෙ නම් මුකුත් කරන්න බෑ! 2024දි තමයි මොනව හරි කරන්න පුළුවන්! මැජික් පෙන්නන්න ආපු අගමැති ඔන්න දැන් කියන කතාව…!

2019 වසරේ රටේ පැවැති බඩු මිල නැවත ඇතිකිරීමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඒ වෙනුවට කළ හැකි එකම දේ ජනතාවගේ ආදායම ක්‍රමානුකූලව වැඩි කිරීම බවත්, තරුණයන්ට බලාපොරොත්තු තබාගත හැකි රටක් ගොඩනැඟීම සඳහා තමා භාරගත් අභියෝගය ඉටුකරන බවත්, තරුණ වෘත්තීයවේදීන් සහ විශ්වවිද්‍යාල සිසුන් සමග සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වසරේ දී එම අභියෝගය ජයගැනීමට නොහැකි වුණද, 2024 වසරේ සිට බලාපොරොත්තු සහගතව ඉදිරියට යාම ඇරඹීමට හැකි වන බවද හෙතෙම එහිදී ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා,”අපි නියම මාර්ගයේ යනවා නම් මේ අවුරුද්ද අමාරු වෙයි. නමුත් 2024 වසරේ සිට අපට බලාපොරොත්තු සහගතව ඉදිරියට යන්න පුළුවන්. 2023 වසරේදීත් මේ වසරට වඩා කුඩා දියුණුවක් අපට පෙනේවි. 2025 වන විට අපේ ගමන ආරම්භ කරන්න පුළුවන්” යනුවෙන් ද කියා සිටියේය.
 

No comments:

Powered by Blogger.