Header Ads

Breaking News
recent

පාර්ලිමේන්තුවට යන්නත් පෙර ධමමිකට නඩු දමයි!

බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා පත්කර ගැනුණු මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා ගේ අදාළ පත් කිරීමට එරෙහිව නඩු පැවරීමට හිටපු කථානායක කරු ජයසූරිය මහතා සහ සිවිල් ක්‍රියාකාරිකයෙකු වන නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ඇතුළු පිරිසක් මේ වන විට කටයුතු කරමින් සිටියි.

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා මෙම කරුණු හෙළි කලේය.


ඔහු පෙන්වා දෙන්නේ ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත් කිරීම මගින් ජනතා පරමාධිපත්‍යය බලය බරපතළ ලෙස අභියෝගයට ලක් කර ඇති බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් හිටපු කතානායක කරු ජයසූරිය මහතා ද මේ පිළිබඳ තමන්ගෙන් විමසීමක් සිදුකළ බවද කොඩිතුවක්කු මහතා මෙහිදී පවසා ඇත.

LOLC සහ LB Finance ආයතනය හරහා සිදුවූ බදු වංචාවක් සම්බන්ධයෙන්ද කරුණු හෙළි කරන කොඩිතුවක්කු මහතා එම වංචාව යට ගැසීම සඳහා ආණ්ඩුවේ සහාය හිමිවීමේ සිදුවීමක් පිළිබඳව ද මෙහිදී කරුණු හෙළි කරයි.

මීට අමතරව රටේ ප්‍රධාන දේශපාලන නායකයන් කිහිප දෙනෙකුගේම වත්කම් ප්‍රකාශයන් සම්බන්ධයෙන් ද ඔහු මෙම සාකච්ඡාවේදී කරුණු රැසක් හෙළි කර ඇත.


No comments:

Powered by Blogger.