Header Ads

Breaking News
recent

දේශබන්දුට එරෙහි අපරාධ චෝදනා ගොනු නොකරන්නැයි ප්‍රබල දේශපාලකයෙකුගෙන් බලපෑම්!

ඉදිරිපත් වී ඇති සාක්ෂි මත පදනම්ව  බස්නාහිර පළාත්  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව දණ්ඩනීති සංග්‍රහයේ 216 වගන්තිය ප්‍රකාරව අධිකරණ කරුණු වර්තා කිරීමට සූදානම්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරි වළක්වා ලමින්  දිගින් දිගටම ප්‍රබල දේශපාලන බලපෑමක් එල්ල වෙමින් ඇති බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි. 
 
මේ තත්ත්වය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිය රාජකාරි කරගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.

මැයි 09 අපරාධයට සම්බන්ධව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුව ඇති   B22046/22 දරණ නඩුවේ  විමර්ශනය කටයුතු අධිකරණය හා සම්බන්ධීකරණය කිරීම හා අධීක්ෂණය කිරීම සඳහා පොලිස්පතිගේ නිර්දේශ මත අධිකරණය විසින් නම් කළ  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා විමර්ශන ප්‍රගතිය   වාර්තා කරමින්     දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව  දණ්ඩ නීති සංග්‍රහයේ 216වන වගන්තිය යටතේ අධිකරණයට කරුණු වාර්තා කිරීම  සම්බන්ධයෙන් පෙරේදා (07) දින නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලබාගත්  බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිඛිතව දන්වා තිබිණි.

මෙම විමර්ශනය සම්බන්ධයෙන් දැනට නීති ක්ෂේත්‍රය තුළ සහ සමාජය තුළ බරපතල ලෙස කතිකාවක් නිර්මාණය වී ඇති හෙයින් ද දැඩි අවධානයක් යොමු වී ඇති හෙයින් ද එම  විමර්ශනය නිසි ලෙස සහ නිවැරදිව සිදු කිරීම සම්බන්ධයෙන් විමර්ශන ප්‍රධානීන්    වෙත  ඍජු වගකීමක් පැවරෙන බවත්     විමර්ශන නිලධාරීන්ට   ලබා දිය යුතු වැඩිමනත් උපදෙස් හා නියෝග ලබා දී එම විමර්ශන කටයුතු අවසන් කිරීමට නිලධාරීන් මෙහෙයවන ලෙසත්  නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා විමර්ශන අංශ වෙත වැඩිදුරටත් උපදෙස් දී තිබිණි.

එම සම්පූර්ණ වාර්තාව පහත දැක්වේ.


No comments:

Powered by Blogger.