Header Ads

Breaking News
recent

තමන් ධුරයෙන් ඉවත් වන බව අගමැති භික්‍ෂූන් වහන්සේලාට දැනුම් දෙයි..

තමන් අග‍්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වීමට සූදානම් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතාව භික්ෂූන් වහන්සේලාට පොරොන්දු වූ බව පූජ්‍ය ඔ්මල්පේ සෝභිත හිමියෝ සඳහන් කරති.
තමන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් අගමැතිවරයා සමඟ සිදු කළ සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ උන්වහන්සේ පැවසූහ.
වත්මන් ආණ්ඩුව ගෙදර යෑම සඳහා සිව් නිකායික භික්ෂූන් වහන්සේලා එක් වන බව ද උන්වහන්සේ කියා සිටියහ.

අග‍්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් ඉවත් වී අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකළහොත් සඟ සම්මුතියක් ප්‍රකාශයට පත්කර සියලු දේශපාලඥයන් ප්‍රතික්ෂේප කරන බවද උන් වහන්සේ පැවසූහ.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක් වෙමින් එහිමියන් මෙම අදහස් පල කරන ලදී.

No comments:

Powered by Blogger.