Header Ads

Breaking News
recent

මේ වෙලාවේ වගකීමක් ගන්න විපක්ෂයට කොන්දක් නෑ... කකුලෙන් ඇදල හිකනැල් වැඩ කරන්නෙපා – හරීන් ප්‍රනාන්දු

ගොඩක් මිනිස්සුන්ට පැත්තකින් ඉඳන් සහයෝගය දෙනවා යැයි කියන්න පුළුවන් වුණත් වගකීමක් ගන්න පුළුවන් කොන්දක් තියෙන එවුන්ට විතරක් යැයි සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

“ගොඩක් අයට පිළිගන්න අකමැති වුණත් මේක නිර්පාක්ෂික ආණ්ඩුවක්. මේ නිර්පාක්ෂික ආණ්ඩුව ඇතුළේ අලුත් කමිටු සිස්ටම් එකක් හදන්න තීරණය කළා. ඒ තීරණය අනුව තමයි හර්ෂ ද සිල්වා මහතාගේ නම යෝජනා වුණේ. අදටත් එතුමාගේ නම කොතනකින්වත් ඉවත් කරලාවත්, කමිටුවට දාන්නවත් තීරණය කරලා නෑ.

වගකීමෙන් එක දෙයක් කියනවා. ගොඩක් මිනිස්සුන්ට පුළුවන් පැත්තකින් ඉඳන් කියන්න අපි සහායෝගය දෙනවා කියලා. ඒත් කොන්දක් තියෙන එවුන්ට විතරයි වගකීමක් ගන්න පුළුවන්. මේ රටේ ප්‍රශ්නයක් වෙලා තිබෙන වෙලාවක, කන්න නැතිව ඉන්න වෙලාවක මේ කියන පටු අරමුණුත් එක්ක නෙවෙයි ඉන්න ඕන.

රට වෙනුවෙන් වගකීමක් ගන්න එක කරන්න ඕන. යම්කිසි මිනිහෙකුට කියන්න පුලුවන් ජීවිතේට මම සහයෝගය දෙනවා කියලා. ඒත් සහයෝගය දෙනවා කියන එකයි වගකීම් ගන්නවා කියන එකයි දෙකක්. ඒ වෙනස තමයි මේ පාර්ලිමේන්තුව ඉල්ලන්නේ. නිකන් පැත්තක ඉදන් අපි සහයෝගය දෙනවා, බයවෙන්න එපා කියලා කකුලෙන් අදින හිකනැල් වැඩ කරන්න එපා කියලා විපක්ෂයට අපි කියනවා.”

ඊයේ (09) පාර්ලිමේන්තුව අමතමින් ඇමැති හරීන් ප්‍රනාන්දු මේ බව ප්‍රකාශ කළේය.


No comments:

Powered by Blogger.