පොලිස්පතිගෙන් ගෝල්ෆේස් අරගලකරුවන්ට වන්දියක්?
ඉකුත් මැයි 09 වැනි දා ගාලු මුවදොර ගෝඨාගෝගමට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිදු කළ විමර්ෂණයකින් අනතුරුව වින්දිතයන්ට පොලීසිය විසින් වන්දි ගෙවිය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකා පොලීසියට නිර්දේශ කර තිබෙනවා.
ඒ බව නිවේදනය කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ඊයේ (26) නිවේදනයක් ද නිකුත් කළා.
අදාළ නිවේදනය ඔස්සේ මානව හිමිකම් කොමිෂන් සභාව වැඩි දුරටත් විස්තර කරන්නේ, අදාළ දිනයේ සාමකාමී විරෝධතාවක නිරත වී සිටි විරෝධතාකරුවන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දීමට සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් පොලිස්පතිවරයා විසින් තම රාජකාරිය කඩ කර ඇති බවයි.
එසේ ම එදින කොල්ලුපිටිය අරලිය ගහ මන්දිරයේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ එවක ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති හමුවෙන් අනතුරුව එම හමුවට සහභාගි වූ පොහොට්ටු පාක්ෂිකයන් විසින් ගාලු මුවදොර විරෝධතාකරුවන්ට පහර දීමට පැමිණි අවස්ථාවේ දී, ගාලු මුවදොර විරෝධතාකරුවන්ට ආරක්ෂාව පැනවීම සඳහා, බස්නාහිර පළාත භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් සහ විරෝධතා භූමියේ ආරක්ෂාව සඳහා සේවයේ යොදවා සිටි සියලු ම නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතු බව ද අදාළ නිවේදනය ඔස්සේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපතිවරයාට නිර්දේශ කරනවා.
තව ද මින් ඉදිරියට එවැනි සිදුවීම් සිදු නො වීම සඳහා පොලිස්පතිවරයාගේ රාජකාරි කඩකිරීම සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා වෙත නිර්දේශ කරන බව ද අදාළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කරනවා.
(මානව හිමිකම් කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය පහතින්)

No comments: