Header Ads

Breaking News
recent

අයවැය දවස් වල වියදම කෝටි 20ක්!

අයවැය විවාද කාලයේදී පාර්ලිමේන්තු රැස්වීම් වෙනුවෙන් රුපියල් කෝටි 20කට ආසන්න මුදලක් වැයවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග උපුටා දක්වමින් ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. මන්ත්‍රීවරුන්, අමුත්තන්, නිලධාරීන් සහ සේවකයන්ට ආහාර පාන සැපයීම, ඉන්ධන, විදුලිය ජලය, පඩි නඩි සහ දීමනා ආදිය වෙනුවෙන් මෙම මුදල් වැයවී ඇති බවයි කියන්නේ. 
 මෙපමණ මුදලක් වැය කර ඇත්තේ අයවැය විවාදය පැවැත්වුණු මුළු දින ගණන 20ක් වෙනුවෙනුයි.

අයවැය විසර්ජන පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නොවැම්බර් මස 14 වැනිදා යි. ඉන් පසු අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් මස 15 වැනිදා ආරම්භවී එම මස 22 වැනිදා දක්වා දින හතක කාලයක් පවත්වා තිබුණා.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 වෙනිදා ආරම්භවූ අතර විවාදය දෙසැම්බර් 8 වෙනිදා දක්වා දින 13ක් පැවැත්වුවා.

මීට අමතරව මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් පසුගිය 13 වැනිදා පැවැත්වුණා. එහෙත් ප්‍රශ්න අසන මන්ත්‍රීවරුන් මෙන්ම ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන ඇමැතිවරුන් බොහෝ දෙනකුද එදින සභාවට පැමිණ සිටියේ නැහැ. එදිනට පමණක් තවත් රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැයවී ඇති බවයි කියන්නේ.

- news19


No comments:

Powered by Blogger.