Header Ads

Breaking News
recent

මිහින්තලා පුදබිමේ සුපිරි හෝටල් සංකීර්ණයක් ගැන පරීක්‍ෂණ... මිහින්තලා හිමි පසුදාම ආණ්ඩුවට බණිමින් මාධ්‍ය හමුවක!

මිහින්තලා පුදබිමේ හෝටල් සංකීර්ණයක් හෝ කාමර සහ අලුත් ගොඩනැගිලි ඉදිකර තිබේද යන්න පිළිබඳ සොයා බලා දින 10 ක් තුළ සවිස්තරාත්මක වාර්තාවක් තමන් වෙත භාරදෙන්නැයි බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය අනුර මනතුංග වෙත නියෝග කර තිබේ.

මිහින්තලා පුදබිමේ සුඛෝපභෝගී කාමර සහ ගොඩනැගිලිවලින් යුත් හෝටල් සංකීර්ණයක් සහ පුරාවිද්‍යා ස්ථානවලට හානි කරමින් කපුවන් විසින් කටුසෑය පූජා ඔප්පු කිරීම හා යාතිකා සිදුකර සිටින බවට අරුණ, කළ අනාවරණය පිළිබඳ අවධානය යොමුකරමින් බුද්ධ ශාසන අමාත්‍යාංශය විසින් මේ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇත.

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායකගේ උපදෙස් මත එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) කේ.ජී.එච්.එච්.ආර්. කිරිඇල්ල විසින් පසුගිය (06) වැනිදා මීට අදාළ ලිඛිත නියෝගය පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමුකර ඇත.

මිහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි අන්‍යාගමික පූජකයන් ඇතුළු විශාල පිරිසක් ඒකරාශී කර ගනිමින් මිහින්තලා පුද බිමේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු රජය බරපතළ ලෙස විවේචනය කර තිබුණේ මිහින්තලේ පුදබිමේ පුරාවිද්‍යා ස්ථානවලට හානි කරමින් ඉදිකිරීම් කර ඇත්දැයි සොයා පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයාට අමාත්‍යාංශය විසින් නියෝග කිරීමෙන් පසුදිනය.

– Aruna



No comments:

Powered by Blogger.