Header Ads

Breaking News
recent

හාමුදුරුවනේ රට බේරගන්න! කතානායක හිටි හැටියේ මහා සංඝරත්නයෙන් මෙහෙම ඉල්ලීමක් කළේ ඇයි?

විවිධ බලවේගයන්ගෙන් රට රැකගත් මහා සංඝරත්නයට දේශය රැකගැනීමේ වගකීම ඉදිරියේදී ද පැවරෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

මහා සංඝරත්නයේ එම කැපවීම නොවන්නට රටක් ජාතියක් ආගමක් වශයෙන් ශ්‍රී ලංකාව ආරක්ෂා නොවන බවද කතානායකවරයා පැවසීය. 
සිරි චන්ද්‍රවිමල වංශාලංකාර ශාසන සෝබන යන ගෞරව නාම සහිතව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනුනායක පදවියට පත් ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පිටියාගොඩ සිරි විමල හිමියන් වෙත අක්තපත්‍ර ප්‍රදානය කිරීම නිමිත්තෙන් එම විහාරස්ථානයේ දී පෙරේදා (18) පස්වරුවේ පැවැති උත්සවයට සහභාගි වෙමින් කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී අදහස් දැක්වූ කතානායකවරයා, වර්තමානයේ රට මුහුණ දී ඇති අර්බුදකාරී තත්වයෙන් මුදාගැනීම සඳහා මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා නිරන්තරයෙන් අවශ්‍ය වන බව කීවේය.

අනාදිමත් කාලයක් තිස්සේ එම වගකීම සහ යුතුකම ඉටුකළ මහා සංඝරත්නය ඉදිරියේදීද එම වගකීම ඒ අයුරින්ම ඉටුකරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව මහින්ද යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

dasathalankanews


No comments:

Powered by Blogger.