Header Ads

Breaking News
recent

ජනාධිපතිට විරෝධය පා කලහකාරීව හැසිරුණු වේලන් ස්වාමි අත්අඩංගුවට!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනය සංචාරයක නිරතවන අවස්ථාවේදී එයට විරෝධය පාමින් විරෝධතාවකට සහභාගී වී කලහකාරී ලෙස හැසිරුණු ජනතා නැගිටීමේ ව්‍යාපාරයේ සම්බන්ධීකාරක වේලන් ස්වාමි වරයා ඊයේ (18) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇපමමත මුදා හැරීඹට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පියවර ගෙන ඇත.

පසුගිය 15 වනදා යාපනය නල්ලූර් කෝවිල ආසන්නයේ ජනතාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් තයිපොන්ගල් උත්සවය පැවති අවස්ථාවේදී ඊට විරෝධය පාමින් පොතුවිල් ප්‍රදේශයේ සිට පොලිකණ්ඩි දක්වා විරෝධතා පාගමනක් පැවත්වුණි.

එහිදී විරෝධතාවයට සහභාගී වූ යාපනය සරසවි සිසුන් සහ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් සමග අත්අඩංගුවට පත් වේලන් සවාමිවරයාද සහභාගී වූ අතර විරෝධතාවය අතර නොසන්සුන්තාවයක් ඇති වී පොලීසිය විසින් ජලප්‍රහාරයන්ද එල්ල කරනු ලැබීය.

එම විරෝධතාවය අතරතුරදී පොලීසියේ රාජකාරියට බාධාකිරීම, පොලිස් නිලධාරීන්ට බැනවැදීම, මහජන සාමය කඩකිරීම ආදි චෝදනා මත ඊයේ රාත්‍රියේ වේලන් ස්වාමි වරයා අත්අඩංගුවට ගෙන පැය 03 ක පමණ ප්‍රශ්න කොට යාපනය මහෙස්ත්‍රාත් වරයා හමුවට යොමු කොට තිබුණි.

එහිදී වේලන් ස්වාමිවරයා වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීක්ඥ එම්.ඒ. සුමන්තිරන් ඇතුලු නීතික්ඥවරුන් 5 දෙනෙකු පමණ පෙනීසිට ඇත.

යාපනය මහෙස්ත්‍රාත් පී.ජස්ටින් මහතාගේ නිලනිවසට ඊයේ රාත්‍රියේ වේලන් ස්වාමි වරයා රැගෙන ගොස් යොමු කිරීමට යාපනය පොලීසිය පියවර ගත් අතර එහිදී වේලන් ස්වාමිවරයාට අවවාද කොට ඇපමත මුදා හැරීමට යාපනය මහසේත්‍රාත් වරයා නියෝග කරන ලදි.

මේ අතර අදාල විරෝධතාවයේදී කලහකාරී ලෙස හැසිරුනු යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් කිහිප දෙනෙකු සහ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් කිහිප දෙනෙකුද අත්අඩංගුවට ගැනීම පිළිබඳව පරික්ෂණ ආරම්භ කොට ඇතැයිද යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ


No comments:

Powered by Blogger.