Header Ads

Breaking News
recent

දේශපාලනය තාත්තගෙන් පුතාට එන්නෑ... හමුදාවෙ හිටිය කියලත් බෑ - චම්පිකගෙන් සජිත්ට, ෆොන්සේකාට ප‍්‍රහාර (VIDEO)

සජිත් ප්‍රේමදාස මහතා සමඟ දේශපාලනය නොකිරීමට තමන් තීරණය කළ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලනය යල්පැන ගිය එකක් බවත් පියා දේශපාලනය කළ පමණින් පුතුන්ට දේශපාලනය කළ නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම හමුදාවේ සිටි පමණින් දේශපාලනය කළ නොහැකි බව ද ඔහු සදහන් කලේය.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය පිළිබඳව අදහස් පළ කරන රණවක මහතා මෙරට පවතින සෙසු දේශපාලන පක්ෂ සමඟ සැසඳීමේදී ජනතා විමුක්ති පෙරමුණ පවුල් දේශපාලනයෙන් තොරව ප්‍රතිපත්ති ගරුකව කටයුතු කරන පිරිසක් ලෙසය හදුනා ගත හැකි බව පවසයි.

නමුත් ඔවුන්ට රට වර්තමානයේ මුහුණ දෙන ගැටලුට විසඳුමක් ලබාදීමට නොහැකි බවත් එලෙස සිදු කරන්නේ නම් ඒ සඳහා හැකියාව ලැබෙන ප්‍රතිපත්ති වෙනස් කිරීම පිළිබඳ තීරණය පක්ෂ මහ ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් ප්‍රකාශ කළ යුතුව ඇති බවත් රණවක මහතා කියා සිටී.


No comments:

Powered by Blogger.