Header Ads

Breaking News
recent

බ්‍රසීල ජනාධිපති මන්දිරය, පාර්ලිමේන්තුව, උපරිමාධිකරණය විරෝධතාකරුවන් අල්ලාගනී... මැඩලන්න ජනපති රනිල්ගෙන් උපදෙස්!

බ්‍රසීලයේ ඇතිවී තිබෙන ප්‍රචණ්ඩත්වය පිළිබඳව දැඩි ලෙස කණස්සල්ලට පත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකාවේද මීට ටික කලකට පෙර ඇතැම් කණ්ඩායම් ව්‍යවස්ථා විරෝධීව ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් පෙරලා දැමීමට උත්සාහ ගත් බව ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

මෙවැනි ක්‍රියාමාර්ග තරයේ හෙලා දකින බවත් මේ අවස්ථාවේදී බ්‍රසීල ජනාධිපතිවරයා රජය හා ජනතාව සමග සිටින බවද වික්‍රමසිංහ මහතා පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදය හා එහි ආයතන සියළු පුරවැසියන් විසින් ආරක්‍ෂා කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවද නිවේදනයේ දැක්වෙයි.

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජයිල් බොල්සනාරෝගේ ආධාරකරුවන් විසින් දින කිහිපයක සිට බ්‍රසීලියා නගරයේ දැවැන්ත විරෝධතා පවත්වමින් ඇත්තේ සතියකට මෙපිටදී දිවුරුම් දුන් වත්මන් ජනාධිපති ලූලාද සිල්වාට විරුද්ධවයි.

විරෝධතාකරුවන් පවසන්නේ බොල්සනාරෝගේ මැතිවරණ පරාජය පිළිගත නොහැකි බවත් තම අපේක්ෂයාගේ ජයග‍්‍රහණය උදුරාගත් බවත්ය.

හමුදාව මැදිහත් වූ බොල්සනාරෝ නැවත බලයේ පිහිටුවිය යුතු බවද විරෝධතාකරුවන් කියා සිටිති.

බ්‍රසීල ජනාධිපති මන්දිරය, පාර්ලිමේන්තුව, උපරිමාධිකරණයටද විරෝධතාකරුවන් ඇතුළු වි සිටියත් හමුදාව හා පොලීසිය පිරිස විසුරුවා හැර රජයේ පාලනය යලි ස්ථාපිත කර ඇත.

- lankacnews


No comments:

Powered by Blogger.