Header Ads

Breaking News
recent

සජිත්ටත් වැඩ බැරි වුනොත් එක තත්පරයක්වත් ඒ වේදිකාවෙ ඉන්නෙ නෑ… -

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම අතින් රටට සේවයක් සිදු නොවන්නේ යැයි තමන්ට දැනුනොත් එක තත්පරයක්වත් තමන්ට එතන නොසිටින බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සඳහන් කරයි.
තමන්ට දේශපාලනය කිරීමට ඡන්දය ඉල්ලීමට කිසිම අපේක්ෂාවක් නැතැයි ද පවසන ඇය තමන් දේශපාලන වේදිකාවට නැග්ගේ ඡන්දය ඉල්ලීමට හෝ නමක් හදා ගැනීමට හෝ නොව රටේ ජනතාව වෙනුවෙන් බවත් කියා සිටී.
ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටු කර දෙන ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන්ගෙන් තමන් ඉල්ලා සිටීමට තමන් එම වේදිකාවට ගොඩ වූ බවත් ඇය පැවසුවාය.

අරගලය සිදු කළ දා පටන්ම තමන් තවමත් නින්දා අපහාස විඳින බවත් තමන් රංගනයෙන් නිර්මාණය කරගත් නම තවදුරටත් දේශපාලනය කර හදා ගැනීමට අවශ්‍ය නොමැති බවද ඇය කියා සිටී.

No comments:

Powered by Blogger.