Header Ads

Breaking News
recent

පොලිස් අත්අඩංගුවේ දි තවත් කාන්තාවක මිය යයි!

පානදුර උතුර පොලිසිය විසින් අද රාත්‍රි  අත්අඩංගුවට ගත් කාන්තාවක හදිසියේ අසනීපව මරණයට පත්ව ඇති බව පානදුර උසස් පොලිස් නිළධාරීයෙක් පැවසීය.
මෙසේ මියගොස් ඇත්තේ පානදුර, දිග්ගල ප්‍රදේශයේ පදිංචි නයනා රෝෂිනී නමැති 52 හැවිරිදි  කාන්තාවක බව පොලිසිය කීය.මියගොස් ඇති කාන්තාවගේ නිවසේ නීති විරෝධී මත්පැන් අලෙවි කරන බවට ලද තොරතුරක් මත පානදුර උතුර පොලිස් කණ්ඩායමක් අද (24) රාත්‍රි නිවස වටලා තිබේ.

එහිදී සැකකාර කාන්තාව නීති විරෝධී මත්පැන් සමග අත්අඩංගුවට ගෙන පොලිසියට  රැගෙන එන අතරතුර හදිසියේ අසනීපව  ඇති බව පොලිසිය කියයි.

එහිදී අදාල කාන්තාව පවුලේ ඥාතීන් කැදවා  රෝහලට රැගෙන යන ලෙස උපදෙස් දී ඇති අතර , රෝහල් ගතකිරිමේදී මියගොස් ඇති බව පොලිසිය කීය.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්නගේ  ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායමක්  පරීක්ෂණ පවත්වති
 
-සුමිත් පොතුපිටිය
lankasara

No comments:

Powered by Blogger.