Header Ads

Breaking News
recent

සැප්තැම්බර් 10 ට පෙර වෙනසක්! සජිත්ගේ තවත් පිරිසක් එජාපයට!

සමගි ජන බලවේගයේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමට සූදානමින් සිටින බව හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා පවසනවා. 
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ලබන 10 වැනිදායින් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීම සඳහා එක්වීමට නියමිතව ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල ආසන බලමණ්ඩලය අමතමින් පී. හැරිසන් මහතා මේ බව කියා සිටියා.

පසුගිය මැයි මාසයේදී සමගි ජන බලවේගය නියෝජනය කළ පී. හැරිසන් ජනාධිපතිවරයාට සහය පළ කරමින් එක්සත් ජාතික පක්ෂයට එක්වුණා.

එහිදී සමගි ජන බලවේගයේ තමන් දැරූ සියලු තනතුරුවලින් ඉවත් වන බවයි ප්‍රකාශ කළේ.


No comments:

Powered by Blogger.