Header Ads

Breaking News
recent

චන්න නිවසින් එලියට දමයි! අධිකරණ නියෝගයක්!

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා රජයේ නිල නිවාසයෙන් ඉවත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ දින නියෝග නිකුත් කර තිබේ. මෙම නියෝගය නිකුත් කර ඇත්තේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අධිකරණයට ගොනු කරන ලද නඩුවක් සමග සලකා බලමිනි.

ලේකම්වරයා විසින් අධිකරණයෙන් ඉල්ලා තිබුණේ ජයසුමන මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමෙන් පසුවත් නිල නිවසේ රැඳී සිටින බවත් ඉන් ඉවත් වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත්ය.

ඒ අනුව කරුණු සලකා බැලූ අධිකරණය ඊයේ දිනයේ නියෝග කරන ලද්දේ මන්ත‍්‍රීවරයා එම රජයේ නිවසෙන් නෙරපන ලෙසයි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා සඳහන් කරන්නේ තමන් අදාළ නිල නිවාසයේ රැඳී සිටියේ මානව හිමිකම් කොමිසමේ නිල අවසරය මත බවයි.

ඊට හේතුව වන්නේ පසුගිය අරගල සමයේ තමන් නිවස සහ කාර්යාලය අරගල කරුවන් විසින් ගිනි තැබීම නිසා තමන්ට නිවසක් නොමැති වීම බවද ඔහු පැවසීය.

මේ වන තෙක් අදාළ නිවසේ සියලු කුලි ගාස්තු ඇතුළු බිල්පත් සියල්ල ද නිසි ලෙස ගෙවා දමා ඇති බවද හෙතෙම සදහන් කලේය.

අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් තමන් නැවතත් අධිකරණය හමුවේ මෙම තොරතුරු මෝසමක් මාර්ගයෙන ඉදිරිපත් කරන බව ද ඒ මහතා තවදුරටත් පැවසීය.


No comments:

Powered by Blogger.