Header Ads

Breaking News
recent

මීලග රාජපක්‍ෂ ජනාධිපති එනතෙක් යලිත් රනිල් ජනාධිපති කරන්න පොහොට්ටු සාකච්චා!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ යුතු බවට රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් විසින් යෝජනා කර තිබේ.

ඒ අනුව දිරි ජනාධිපතිවරණයේ දී පොදු ජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය එක්ව නව සන්ධානයක් සකස් කර රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂකයා කිරීමට කටයුතු කළ යුතු බවට ද සාකච්ඡා වී තිබේ.

වික්‍රමසිංහ මහතා වර්තමානයේ රට ගොඩනැගීම වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ ඉදිරියටත් ගෙන යාමට ඔහුට තවත් වසර පහක කාලයක් ධුරයේ රැඳී සිටිමට අවස්ථාව දිය යුතු බවද වෙනත් අයෙකු ජනාධිපති වුවහොත් මෙම වැඩපිළිවෙළ ද අතරමඟ ඇනහිට නැවතත් රටේ අර්බුද මතුවිය හැකි බවද ඔවුන්ගේ අදහසයි.

ජනාධිපති අපේක්ෂකත්වය සඳහා රාජපක්ෂ පවුලේ අයෙකුගේ නමක්ද යෝජනා වී ඇතත් එහිදී පෙන්වා දී ඇත්තේ ඔහුට තවත් වසර පහකට පසු අනිවාර්යෙන්ම ජනාධිපති ධුරයට පත් විය හැකි නිසා කලබල නොවී එම කාලය ගත කළ යුතු බවය.

රනිල් වික්‍රමසිංහ මහතාට ඊළඟ අවස්ථාව දිය යුත්තේද රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු මේ රටේ මීළඟ ජනාධිපති බවට පත්කිරීමට සැලසුමක් ඇතිව බවද රාජ්‍ය අමාත්‍යවරයෙකු සදහන් කර ඇත.


No comments:

Powered by Blogger.