Header Ads

Breaking News
recent

ලන්සාගෙන් අයින් වෙන්න… පොහොට්ටුවේ සහය දෙන්නම්… බැසිල්ගෙන් රනිල්ට යෝජනාවක් !

මේ වනවිට රනිල් වික්‍රමසිංහ වෙත සහයෝගය දක්වමින් සිටින පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම එක් රැස් කරමින් සිටින නිමල් ලන්සා සමග අලුත් සන්ධානයකට නොයන්නේ නම් පොහොට්ටුවේ සහයෝගය රනිල් වික්‍රමසිංහ වෙත ලබා දෙන බවට බැසිල් රාජපක්ෂ එකඟ වී ඇතැයි සන්ඩේ ටයිම්ස් හෙළි කරයි.
එම පුවතට අනුව මෙම එකඟතාවය පල වී ඇත්තේ පසුගිය දිනෙක බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර ඇතිවූ හමුවක දී ය.

මෙම යෝජනාවට ජනාධිපතිවරයා එකඟ වී ඇති බවත්  ඒ අනුව සෑම සතියකම සිදුවන හමුවේ දී ජනාධිපතිවරයා විසින් නිමල් ලන්සාට බැසිල් රාජපක්ෂ හමුවී සාකච්ඡා කරන ලෙස දන්වා ඇති බවත් වාර්තා වේ.

කෙසේ වුව ද මේ නවවිට රාජගිරිය වැව පාරේ වෙනම කාර්යාලයක් පවත්වා ගනිමින් නව සන්ධානයේ කටයුතුවල නිරත වී සිටින නිමල් ලන්සා මේ වනතුරු බැසිල් රාජපක්ෂ හමුවීමට කටයුතු කර නැති බව සන්ඩේ ටයිම්ස් කියයි.

වාර්තාවන පරිදි නිමල් ලන්සගේ කණ්ඩායම  40කට වඩා අධික බවත් ජනාධිපතිවරයා විසින් බැසිල් රජපක්ෂ සමග ගැටුමකට නොගොස්  නිමල් ලන්සාත් අර්බුදයකට පත් නොකර සිය දේශපාලන ගමන යෑමට සැරසෙන බව පෙනී ගොස් තිබේ.

බැසිල් රාජපක්ෂ වටා සිටින කණ්ඩායම සුළු වුව ද එම පිරිස බලවත් වීම මත ජනාධිපතිවරයා මෙම ප්‍රවේශයට පැමිණ ඇති බවද සන්ඩේ ටයිම්ස් කියයි.

-lankasara

No comments:

Powered by Blogger.