Header Ads

Breaking News
recent

කහ සිවුර හා සුදු ලෝගුව ඇතුළු සියලුම ආගමික නාගයන් එකට එක්විය යුතුයි - කාදිනල් හිමියන්ගෙන් ප්‍රකාශයක්!

යුක්තිගරුක හා සදාචාර සම්පන්න ජාතියක් ඇති කිරීම සඳහා කහ සිවුර හා සුදු ලෝගුව ඇතුළු සියලුම ආගමික නාගයන් එකට එක්විය යුතු බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් සඳහන් කරති.

විවිධ ආගම් අදහන බවට වර්තමානයේ ප්‍රකාශ කළ ද ඒ සියල්ල මුසාවක් බවත් මෙරට සමාජය පාපිෂ්ට තත්ත්වයට පත්ව ඇති බවත් අගරදගුරුතුමන් පෙන්වාදෙයි.

ඩොලර් ලැබෙන්නේ නම් රටේ නායකයන්ට ඕනෑම දූෂිත ක්‍රියාවක් සිදු කිරීමට පෙලඹී ඇති බවත් පැවසූ අගරදගුරුතුමන් එවැනි තත්ත්වයක් තුළ රට හරි මගට ගැනීමට නම් ආගමික නායකයන් එක් විය යුතුය ඇති බවද කියා සිටියේය.

උත්සව සභාවක් අමතමින් අගරදගුරුතුමන් මෙම අදහස් පල කරන ලදී.


No comments:

Powered by Blogger.