Header Ads

Breaking News
recent

සියවසකට වඩා පැරණි මඩකලපුවේ සිංහල සුසාන භූමිය ඩෝසර් කරයි…

ජාතිවාදය අවුලවන්න මඩකලපුවේ මන්ත්‍රීවරු කීප දෙනෙක් කළ විනාශයක්… තම මවගේ සොහොන් කොතත් ඩෝසර් කර ඇති බව අම්පිටියේ සුමරනරතන හිමියෝ කියති!  සිංහල ජනතාව මියගිය පසු භූමිදාන කිරීමට මඩකලපුව දිස්ත්‍රික්කයේ තිබු එකම සුසාන භූමියවන ජයන්තිපුර පොදු සුසාන භූමිය කිසියම් පිරිසක් විසින් මීට දින කිපයකට පෙර ඩෝසර් කර විනාශ කර ඇතැයි මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියෝ සඳහන් කළහ.

ඩෝසර් කර විනාශ කර දැමූ සොහොන්කොත් අතර සිය මවගේ සොහොන් කොතද තිබුණු බව උන්වහන්සේ පැවසූහ.

1916 වසරේ සිට මෙම සුසාන භූමියේ සිංහල ජනතාවගේ අවසන් වතාවත් කර  භූමිදානය කළ භූමිය බවත්    මේ පිළිබඳව තමන්   මඩකලපුව මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් සිදුකර   ඒ සම්බන්ධයෙන්ව වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස    ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් සහ රජයෙන්   ඉල්ලා සිටින බවත් සුමනරතන නාහිමියෝ  සඳහන් කළහ.

මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන්ගේ මව වන, කේ.ජී.අනුලාවති 2010 මාර්තු 18 වෙනිදා මියයෑමෙන් පසු භූමිදාන කර ඇත්තේද මඩකලපුව ජයන්තිපුර මෙම සුසාන භූමියේය.
මළවුන්ටවත් නිදහසක් නැත… ඩෝසර් කර සුසාන භූමිය…

මෙම සුසාන භූමිය ඩෝසර් කිරීමෙන් නැගෙනහිර පළාතේ ඇතැම් ජාතිවාදීන් සිංහල, දමිළ, ජනතාව අතර ජාතිවාද ඇවිස්සීමට  කටයුතු කරන බවත් ,  මේ කටයුත්තට පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනකු වගකිව යුතු බවත්   අම්පිටියේ සුමනරතන නාහිමියෝ කීහ.

අප මේ පිළිබඳව මඩකලපුව මූලස්ථාන පොලිසියෙන් දුරකථන කළ විමසීමකදී එහි නිලධාරීයෙකු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන්ව මේ වන විටත් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය.

-මනම්පිටිය නිමල් ජයරත්න
-lankasara

No comments:

Powered by Blogger.