Header Ads

Breaking News
recent

ඇමති රොෂාන් ක‍්‍රිකට් ආයතනයේ දුෂණ වංචා ෆයිල් තොගයම ICCයට යවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දේශපාලන බලපෑම සිදුකරන බවට එල්ල කරන චෝදනා පදනම් විරහිත යැයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත දන්වා තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කීර්තිනාමයට මුවාවී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂිත නිලධාරීන් පිරිසක් තවදුරටත් අක‍්‍රමිකතාවල නිරත වන බවද අමාත්‍යවරයා ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලිඛිතව දන්වා ඇත.

ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් විසින් මුල්‍ය අක්‍රමිකතා, බලය අයුතු ලෙස යොදා ගැනීම්, නීත්‍යානුකූල නොවන ගනුදෙනු ආදිය පිළිබඳව විගණකාධිපතිවරයා විසින් ද කරුණු ඉදිරිපත් කර ඇති බවද පවසන අමාත්‍යවරයා එහි පිටපතක් ද ක්‍රිකට් කවුන්සිලයට යොමු කර ඇත.

කෙසේ නමුත් ඉදිරියේදී ශ්‍රී ලංකාවට සත්කාරකත්වය හිමි වී ඇති ජාත්‍යන්තර තරංගවලි හා ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව සඳහා දේශපාලන බලපෑමකින් තොරව පූර්ණ සහාය ලබාදීමට සූදානම් බවද ඔහු අවධාරණය කරයි.

සාමාජික රටවල පාලක මණ්ඩල වල දූෂණය පිටුදැකීමට ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ දුෂණ විරෝධී පිළිවෙත අනුව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවද ක්‍රීඩා ඇමතිවරයා තවදුරටත් ලිපිය මගින් සඳහන් කර තිබේ.


No comments:

Powered by Blogger.