Header Ads

Breaking News
recent

ඩයනා රෝහල්ගත වෙයි… පහර කෑ නිසා එයාට අමාරුලු! (VIDEO)

කෑගල්ල දිස්ත්‍රික් සජබ  පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා තමාට පහර දුන් බව කියමින්  ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිනිය ඊයේ (20) පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වී තිබේ. ඇය රෝහල්ගතවන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සම්පත් පෙරේරා තමන්ට පහර දුන්බව පාර්ලිමේන්තුවට දන්වා වහාම පරීක්ෂණයක් ඉල්ලා සිටීමෙන් අනතුරුවය.

ඒ ප්‍රකාශයත් සමග අගමැතිවරයා මැදිහත් වී පාර්ලිමේන්තු සභා වාරය විනාඩි 10ක් කල් දමා මේ පිළිබඳව කථානායකවරයා වෙත ගොස් දැනුම් දීමට යෝජනා කළේය.

ඒ වනවිට සිදුවූයේ කුමක් ද යන්න පිළිබඳව පටිගත කළ දර්ශන සමාජ මාධ්‍ය ජලාවෙත මුදා හැර තිබිණි.

පාර්ලිමේන්තු ගර්භය තුළ සිදුවූ විවාදයකින් අනතුරුව හුවමාරු වූ වචන කීපයක් සම්බන්ධව කිපී  කාන්තාවකට තබා ශිෂ්ට සම්පන්න කිසිම පුද්ගලයෙකුට නුසුදුසු ආකාරයෙන්  බැණ වදිමින් රාජ්‍ය අමාත්‍යවරිය  අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සමග ගැටුමකට ගොස් මන්ත්‍රීවරයාගේ කලිසම ගලවන බවත්,  කණ පලන බවත් කියන ආකාරය වීඩියෝ දර්ශනවල තිබේ.

අනතුරුව අමාත්‍යවරිය සුජිත් සංජය පෙරේරාට පහර දෙන්නට යන ආකාරයත්, සුජිත් සංජය පෙරේරා විසින් ඇය තල්ලු කළ පසු ඇය ඔහුට හෑන්ඩ් බෑගයෙන් පහර දී කුණුහරුපයෙන් බනින ආකාරයත් එම වීඩියොවේ සටහන්ව ඇත.

පොලිසිය පැමිණ ඇයව රැගෙන යෑමට උත්සාහ කරද්දීත් ඇය වියරුවෙන් හැසිරෙමින් සිටි ආකාරය මෙන්ම ශානක්කියන් රාසමාණික්කම්  මන්ත්‍රීවරයා විසින් ඇය සන්සුන් කර රැගෙන යද්දීත් පරුෂ වචනයෙන් බනින ආකාරය එම දර්ශනවල පෙනේ.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් කථානායකවරයා වෙත සිද්ධිය පිළිබඳ වීඩියෝ දර්ශන සහිතව පෙන්වා මේ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලීමක් කර තිබේ.

පාර්ලිමේන්තුව ඇතුලේ සිදුවීමක් බැවින් ඒ සම්බන්ධ පාර්ලිමේන්තුව තුළම පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටිද්දී ඩයනා ගමගේ තමන්ට පහර දුන් බව කියමින් මෙසේ රෝහල්ගත වී ඇත.


No comments:

Powered by Blogger.