Header Ads

Breaking News
recent

ගෝඨාභය – මහින්ද ඇතුළු හිටපු ජනාධිපතිලා නඩත්තුවට ලක්ෂ 1100ක් වෙන් කරයි

හිටපු ජනාධිපතිවරුන් සිවු දෙනා සහ   හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මියගේ  නඩත්තුව සහ ඔවුන්ගේ වරප්‍රසාද වෙනුවෙන්  රුපියල් ලක්ෂ 1100 ක් ලබන වසරේදී වෙන් කිරීමට 2024 අයවැය විසර්ජන පනත් කෙටුම්පතෙන් යෝජනා කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසුවේ හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් ලබන වර්ෂයේදී   වැය කිරීමට අපේක්ෂා කරන මුදල  2022 වර්ෂයට සාපේක්ෂව  සියයට 45 ක පමණ වැඩිවීමක් පෙන්නුම් කෙරෙන බවයි.

මේ අනුව මහින්ද රාජපක්ෂ,  ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 292 බැගින්ද  චන්ද්‍රිකා  බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය  වෙනුවෙන් රුපියල් ලක්ෂ 157ක්ද හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ භාර්යාව වන හේමා ප්‍රේමදාස මහත්මියට රුපියල් ලක්ෂ  68ක්ද ලබන වසරේදී වෙන් කෙරෙන බව මහාචාර්යවරයා කීවේය.

හිටපු ජනාධිපතිවරුන් සිවු දෙනාට සහ  ජනාධිපති බිරිඳ හේමා ප්‍රේමදාස මහත්මියට 2022 වර්ෂයේ අයවැයෙන්    පොදුවේ වෙන්කර ඇත්තේ  රුපියල් ලක්ෂ 757 ක මුදලකි.

මේ වර්ෂයේදී එම මුදල ලක්ෂ 844 ක් දක්වා  ඉහළ ගොස් ඇති බව පවසන  වසන්ත අතුකෝරළ මහතා  හිටපු ජනාධිපතිවරුන්ට වෙන් කෙරෙන මුදල  ලබන වර්ෂයේදී   ලක්ෂ 1100 ක් දක්වා ඉහළ දැමීමට අයවැයෙන් යෝජනා කර ඇතැයිද  ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් ගුරුවරුන්ගේ වැටුප ලබන වසරේදී  වැඩි වන්නේ  සියයට 14  කින් පමණක් බවද  මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.


No comments:

Powered by Blogger.