Header Ads

Breaking News
recent

තවමත් බිමේ ඡන්දය ඇත්තේ මහින්දට පමණයි.. ප‍්‍රජා අයිතය අහෝසි කරන්න යන්නේ ඒකයි - නාමල් රාජපක්ෂ

මීට අවස්ථා ගණනාවකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය නැති කිරීමට බොහෝ අය තැත්කල හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂමහතා පවසයි.

මහින්ද රාජපක්ෂ යනු මේ රටේ කවරදාකවත් දිනන්නට නොහැකි යැයි කියූ තිස්වසරක යුද්ධය අවසන් කර රට සංවර්ධනය කල නායකයා බවත් නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කලේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකයා විසින් මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය අහෝසි කලයුතු බවට සිදුකරන අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරය ගැන මාධ්‍ය මගින් විමසූ ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ, එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් පරාජය කර යුද්ධය අවසන් කල පසු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාව යුධ අධිකරණයට ගෙන ගොස් අනතුරුව ප්‍රජා අයිතිය අහෝසි කිරීමට එල්ටීටීඊ හිතවාදීන් උත්සාහ කල බවත් ඉන් අනතුරුව යහපාලන කාලයේ ඩොලර් බිලියන ගණන් විදේශයන්හි සගවා ඇති බවට අභූත චෝදනා එල්ල කරමින් ප්‍රජා අයිතිය අහෝසි කිරීමට උත්සාහ කල බවත් අරගලය වෙලාවේ මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට තැත්කල බවත්, දැන් බදු අඩුකොට ජනතාවට සහන සැලසීම නිසා ආර්ථිකය බංකොලොත් කලා යැයි පවසමින් ප්‍රජා අයිතිය අහෝසි කිරීමට තැත්කරන බවත් මේවා හුදු ජනප්‍රිය වීම සදහා විපක්ෂය විසින් සිදු කරන නාටක රාජපක්ෂ මහතා පැවසීය.

තවමත් බිමේ ඡන්දය ඇත්තේ තනි පුද්ගලයකු ලෙස මහින්ද රාජපක්ෂ මහතාට වන අතර විපක්ෂයේ ඉන්න සියළු දෙනාට ඇත්තේ රාජපක්ෂ භීතිකාවක් බව ඔහු පැවසීය.

මහින්ද රාජපක්ෂමහතා හැමදාම තීන්දු තීරණ ගත්තේ ජනතාව වෙනුවෙන් බවත් බොහෝ නායකයින් යුද්ධය ඉවර නොකර ජාත්‍යාන්තරය සතුටු කල බවත් තවත් සමහර නායකයින් ත්‍රස්තවාදීන්ට ආයුධ පවා ලබාදුන් බවත් මන්තීවරයා පැවසීය.


නමුත් මහින්ද ජනතාව හැර කවුරුන්වත් සතුටු කර තම බලය ආරක්ෂා කර ගැනීමට නොගිය බවත් මහින්ද යනු බිමේ දේශපාලනය හොදින් හදුනන දේශපාලඥයකු බවත් මඩ ගල් මුගුරු හොදට පුරුදු අයෙක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

බදු අඩුකර ජනතාවට සහන සැලසීම විපක්ෂයට පෙනෙන්නේ ප්‍රජා අයිතිය අහෝසි කල යුතු වරදක් ලෙසටදැයි විපක්ෂයෙන් ප්‍රශ්න කරන බවද පැවසීය.

– Repoter


No comments:

Powered by Blogger.