Header Ads

Breaking News
recent

2027 ලෝක කුසලානය අපි දිනනවා..- සිංහ නායක දිල්ලියේ මාධ්‍ය හමුවක.. කෝලිට සුබ පතන්න බෑ කියයි..

2027 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාවට ලෝක කුසලානය ගෙන ඒමට බලාපොරොත්තු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් සඳහන් කරයි. එය කල හැකි බවට කණ්ඩායම දැනටමත් පෙන්වා ඇති බවත් ඔහු පැවසීය.

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත තරගයට පෙර ඉන්දියාවේ නවදිල්ලියේදී දී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරන අද තියෙන ප්‍රශ්න නොතිබුණු බවත් තරගයක් පරාජය වූ පමණින් පුහුණුකරුවන් ඉවත් කළ යුතු යැයි තමන් නොසිතන බවත් පැවසූ ඔහු
පුහුණුකරුවන් ඉවත් කිරීම යනු සිය පාලනයේ ඇති දෙයක් නොවන බවත් පැවසීය.

පරාජය වූ පමණින් කණ්ඩායම දුර්වල කණ්ඩායමක් යැයි නොපවසන බවත් පැවසූ කුසල් මෙන්ඩිස් තරග කීපයක් පරාජය වුවද එම තරග වලදී ද කණ්ඩායමක් ලෙස හොදින් ක්‍රීඩා කර ඇතැයිද පැවසීය.

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි සිය 49 වන ශතකය සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් ඔහුට සුබ පතන්නේ නැතිදැයි මාධ්‍යවේදියකු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ ‘මං සුබ පතන්නේ මොකටද’ යනුවෙනි.

No comments:

Powered by Blogger.