Header Ads

Breaking News
recent

ක්‍රිකට් ආයතනයේ වත්මන් පරිපාලනය අත්හිටුවයි! අර්ජුන සභාපති කොට ඇමැති රොෂාන් අතුරු පාලක කමිටුවක් පත්කරයි!

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට ලැබී ඇති බලතල අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු පාලක කමිටුවක් පත්කර තිබේ. අමාත්‍යවරයා විසින් 7 දෙනෙකුගෙන් සමන්විත එම කමිටුව පත්කර ඇත.
එහි සභාපති ලෙස හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග කටයුතු කරයි.

ඒ සමගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන පරිපාලනයේ කටයුතු අත්හිටුවා ඇත.

එයට අදාළ ගැසට් නිවේදනය අද (06) දිනයේ නිකුත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

අද දින පත්කළ නව අතුරු කමිටුව ඉන් අනතුරුව අදාළ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

No comments:

Powered by Blogger.