Header Ads

Breaking News
recent

මහින්ද, ගෝඨා, බැසිල්ගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරන්න සාකච්චා?

ශ්‍රී ලංකාව බංකොලොත් කරන කළ පිරිස සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කර ඇති තීරණය අනුව ඊට වගකිව යුත්තන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු යැයි සමගි ජන බලවේගය වැලිගම ආසනයේ ප්‍රධාන සංවිධායක රෙහාන් ජයවික‍්‍රම මහතා සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ මෙම කටයුතු සඳහා පක්ෂ විපක්ෂ සියළු දෙනා එකතු වී පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ආ යුතු බවයි.

ශ්‍රී ලංකාව ආර්ථික බංකොලොත් භාවයට පත්වීමත් සම්බන්ධයෙන් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර ඇත්තේ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ යන හිටපු ජනාධිපතිවරුන්, බැසිල් රාජපක්ෂ හිටපු මුදල් අමාත්‍යවරයා ඇතුළු හත් දෙනකු ඊට වගකිය යුතු බවය.


No comments:

Powered by Blogger.